නීතිරීති හා කොන්දේසි

මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙදි ඔබ ඔබගේ යහපත උදෙසා, පහත සදහන් නීති රීති හා කොන්දේසි වලට ඔබ එකගවිය යුතුයි.

මොකක්ද මේකෙන් වෙන්නේ?

answer.lk යනු ඉතා උසස් මට්ටමේ ගැටලු හා පිළිතුරැ සිංහලෙන් සපයන හා ඉදිරිපත් කිරීමට අැති Q &A සමුහයකි. ඔබට ඇති ගැටලු ඉදිරිපත් කිරීමටත්, ඒවාට උසස් මට්ටමේ පිළිතුරු ලබා ගැනීමටත්, ඔබගේ දැනුමින් අන් සාමාජිකයින්ගේ ගැටලු වලට පිළිතුරු ඉදිරිපත් කිරීමටත් ඇති සමාජ ජාලයකි.

සංවේදී පොද්ගලික තොරතුරැ

තොරතුරු වල රහස්‍ය භාවය

answer.lk හි ගිණුම් වල සංවේදි තොරතුරැ වල රහස්‍යභාවය අාරක්ෂා කිරීමට කැපවී සිටින්නෙමු. එනම්, ඔබගේ වයස, ඊමේල් ලිපිනය වැනි තොාරතුරැ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කිරීමක් සිදු නොවේ. ඔබගේ විශ්වාසය අපි ඉතා අගය කොට සලකන්නෙමු. ඉදිරියටත් එය රැක ගැනීමට answer.lk හි එකම අරමුණයි.

තොරතුරු රැස් කරන ආකරය

සාමාන්‍ය අාකාරයට සාමාජිකත්වය ලබා ගන්නා විට ඉතා සීමිත පුද්ගලික තොරතුරැ ප්‍රමාණයක් answer .lk විසින් ලබා ගනී.

නමුත් සමාජ-ජාල වෙබ් අඩවි (Facebook, Google, Twiter) ඔස්සේ සමාජිකත්වය ලබා ගන්නා විට සාමාජිකත්වය ලබා ගැනීමට (Auth Login) භාවිතා කරන සමාජ-ජාල ගිණුමේ ප්‍රසිද්ධ තොරතුරැ (Public Profile information) පමණක් අප විසින් ලබා ගන්නා අතර, ඔබගේ පුද්ගලික පණිවුඩ (Privet Massages ) , ඔබ වෙනුවෙන් Post අැතුලත් කිරීම (Posting behalf of you) වැනි වරප්‍රසාද (Privilages) භාවිතා නොකරයි.

ලබා ගන්නා ප්‍රසිද්ධ තොරතු (Public Profile information) තුලින්ද වෙබ් අඩවිය තුල ප්‍රකාශයට පත් කෙරෙන්නේ ඔබගේ නම ස්ත්‍රි පුරැෂ භාවය හා ඔබගැන කෙටි විස්තරයක් යන තොරතුරැ පමණි.

ඔබ විසින් අැතුලත් කරන හා පවත්වාගෙන යන තොරතුරැ හා ගිණුම් සම්බන්ධ නීති-රීති හා කොන්දේසි.

ප්‍රකාශන හිමිකම් හෝ අයිතීන්

ප්‍රකාශන හිමිකම් හෝ කතෘ අයිතීන් සහිත තොරතුරැ (ලිඛිත, පින්තූර හෝ වීඩියෝ) ඔබ විසින් අැතුලත් කිරීම සෑම විටම නීතිය උල්ලංඝණය කිරීමක් නොවුනද ඔබ විසින් අැතුලත් කරන තොරතුරැ වල නීතිමය වටපිටාව පිළිබදව ඔබ විසින් සැලකිලිමත් විය යුතුය.

තවද අදාල තොරතුරැ වල වගකීම අදාල තොරතුර ඉදිරිපත් කළ answe.lk ගිණුම් හිමියා විසින් දැරිය යුතු අතර, එ් සම්බන්ධව answer.lk වෙබ් අඩවිය මගින් වගකියනු නොලැබේ.

ලිංගිකත්වය හා සබැදි ගැටලු හා වැඩිහිටියන්ට පමණක් සීමාවූ තොරතුරැ

ලිංගිකත්වය හා සම්බන්ධ ගැටලු “ලිංගික ගැටලු” යටතේ පමණක් ඉදිරිපත් කල යුතු අතර අසභ්‍ය පින්තූර හෝ වීඩියෝ අැතුලත් කිරීම ගිණුම තාවකාලිකව හෝ දීර්ග කාලීනව අත්හිටුවීමට හේතුවේ.

මෙම ගැටලු වලට වෙෙද්‍ය වරැන් හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උසස් දැනුමක් අැති පුද්ගලයින් විසින් පිළිතුරැ ලබාදෙන බැවින් ඔවුන්ට කරන ගරැ කිරීමක් වශයෙන් ඔබ විසින් ඉදිරිපත් කරන එවන් ගැටලු හැකිතාක් ශික්ෂිත ලෙස දක්වන්න.

ස්වයංක්‍රීයමය වන හෝ නොවන බහු ගිණුම් පවත්වාගෙන යාම.

එක් පුද්ගලයකු විසින් එක් ගිණුමක් පමණක් පවත්වාගෙන යායුතු අතර, එසේ ගිණුම් කීපයක් පවත්වාගනිමින් පේ‍රාඩාකාරී ලෙස ලකුණු රැස් කිරීමට උත්සාහා කිරීම ගිණුම අත් හිටුවීමට හේතු වේ.

තවද අාරෑඩ කරගත් පේ‍රා්ඩාකාරී චරිත ලෙස පෙනී සිටිමින් වැරදි තොරතුරැ සැපයීමද ගිණුම අවලංගු වීමට හේතු වේ.

ස්පෑම්

ගැටලු ලෙස හෝ පිළිතුරැ ලෙස වෙළඳ දැන්වීම් ප්‍රචාරණයද අනවශ්‍ය ලෙස Web Traffic අැති කිරීමට නිශ්ප්‍රයෝජනවත් හෝ අදාල නොමැති තොරතුරැ අැතුලත් කිරීම උල්ලංඝණය කිරීමකි.

Share තොරතුරැ බෙදාහදා ගැනීම

සමාජ-ජාල තුල තොර්තුරු බෙදා-හදා ගැනීම

ඔබ විසින් අැතුලත් කරන ගැටලු හෝ පිළිතුරැ හෝ විමසීම් වෙනත් සමාජ-ජාල වෙබ් අඩවි (Facebook, Google, Twitter) වල Share කිරීමට ඔ්නෑම සාමාජික වන ෙහා් නොවන පුද්ගලයෙකට අයිතියක් අැත.

වෙබ් අඩවිය (answer.lk) මගින්ද සමාජයට වැදගත්වන හා වැඩි පිරිසකගේ අවධානය යොමු විය යුතු ගැටලු ප්‍රසිද්ධියට පත් කිරීම හා එ්වාට තව දුරටත් පිළිතුරැ ලබා ගැනීමට Share කිරීම් සිදු කරයි.

නිර්නාමිකව ඉදිරිපත් කිරීම

ඉහත තත්වයන් යටතේ Share කරන ලද ගැටලුව ඉදිරිපත් කල ගිණුමේ නමද ප්‍රසිද්ධියට පත්වන අතර ඔබ ඊට අකමැතිනම් ගැටලුව නිර්නාමිකව ඉදිරිපත් කල හැකියි.

Link නිර්නාමික ගැටලු ඉදිරිපත් කිරීම උදව් බලන්න.

සාමාජිකයෙකු ලෙස ඔබගේ වගකීම

ඔබගේ බල-තල භාවිතා කරන්න

answer.lk හි සාමාජිකයෙකු ලෙස ඔබ ඉහත නීති-රීති කොන්දේසි අාරක්ෂා කිරීමට බැදී සිටී.

ඉහත සදහන් කොන්දේසි කඩවන අාකාරයේ ගැටලුවක් හෝ පිලිතුරක් ෙහා් පිලිතුරැ පිළිබද විමසීමක් හෝ දුටුවහොත් එවාට සෘණ ඡන්දයක් ලබාදීමෙන් answer.lk සමූහය වඩාත් යහපත් සේවාවක් සදහා කාර්යක්ෂමව ඉදිරියටත් පවත්වාෙගන යාමට ඔබට අපට දායක විය හැක

වැඩිදුරටත් දැනුම් දීම්

වැඩි දුරටත් එවැනි නීති උල්ලංඝණය වීම් පිළිබදව දැනුම් දීමට info@answer.lk ඊ-මේල් ලිපිනයට දැනුම්දිය හැක.

ඉහත නීති-රීති සියල්ලම ඔබගේම යහපත හා ඔබට කාර්යක්ෂම සේවාවක් සැපයීමටයි. එම නිසා ඔබගේ සහයෝගය අපි ඉතා උසස් කොට සලකන්නෙමු.

ස්තුතියි,
answer.lk